මෙම අපුරු බස් නැවතුම කොළඹ - ටවුන්හෝල් වල තමයි ඉදිකර තිබෙන්නේ.
මෙම බස් නැවතුමට එන ඕනෑම කෙනෙකුට පහසුකම් රැසක් සැලසෙනවා.
ඒ තමයි ,
ස්මාර්ට් අලෙවි යන්ත්රයකින් මුදල් භාවිතයකින් තොරව බීම වර්ග ලබා ගැනීමේ පහසුකම.
බස් නැවතුම්පොළේ ඇති දුරකථන අංකයට වතුර (water) හෝ තමන්ට අවශ්ය දෙය කෙටි පණිවිඩයක් මගින් යැවීම මගින් ඊට ප්රතිචාර වශයෙන් ලැඛෙන කෙටි පණිවිඩයෙහි ඇතුළත් කේත අංකය (code) අලෙවියන්ත්රයට ඇතුල් කිරීම මඟින් ඒවා ලබා ගත හැකියි.
මෙහිදී පහසුවෙන් ඔබේ දුරකථනය චාර්ජ් කරගන්නත් අවස්ථාව තියෙනවා..
මෙම බස් නැවතුම්පොළේ අධිවේගී අන්තර්ජාල පහසුකම ලබාදෙන මොබිටෙල් වයිෆයි සම්බන්ධතාවයක් ද තිබෙනවා.
මෙහි ඇති තවත් නවීන අංගයක් තමයි අඟල් 46 අන්තර්ක්රියාකාරීත්ව විද්යුත් තිරය
ඒ මඟින් සේවාදායකයාගේ මුහුණ විශ්ලේෂණය කර ඔහුගේ හෝ ඇයගේ ස්ත්රී පුරුෂ භාවය සහ වයස පිළිබඳ නිගමනයකට එළඹෙන අතර එයට අනුව විවිධ දැන්වීම් ප්රදර්ශනය කරනවා.
අමාත්ය හරීන් ප්රනාන්දු විසින් මෙය ජනතා අයිතියට පත් කළ අතර මොබිටෙල් නවෝත්පාදන අංශය විසින් මෙම බස් නැවතුම්පල නිර්මානය කර තිබෙනවා.