බස් එකේ යන අයට වැදගත් උපදෙසක්
Sunday, 19 March 2017 - 22:19 | Views - 2,236
අපි ජීවත් වෙන මේ ලෝකේ එක එක අවස්ථා වලට වෙන් වෙච්ච එක එක විධි ආචාරධර්ම තියෙනවා. කෙටියෙන්ම කියනවානම්,එක එක සිස්ටම් තියෙනවා.අද අපි කතා කරන්නේ ඔයාලා කවුරුත්ම වැඩියෙන් කතා කරන්න කැමති,වැඩියෙන් යන එන,වැඩි වැඩියෙන් අමුතු අමුතු වගේම බඩ පැලෙන්න හිනා යන දේවල් දකින බස් එකේ සිස්ටම් එක ගැනයි.

බස් එකේ යන එන අය විවිධාකාරයි.එක එක මට්ටම් වල අය,ජොබ් කරන නොකරන අය,පොත් බලන අය,සිංදු අහන අය ප්‍රේමයෙන් වෙලිලා ඉන්න අය,කලින් දවසේ රෑ නිදාගන්න අමතක වෙච්ච අය,නිශ්චල-චංචල දේපොළ අතපත ගාන ගාගෙන යන අය,තව කෙනෙක්ට ටිකාක් විතර ලඟින් ඉන්න කැමති අය, අනුන් දිහා හොඳ විමසිල්ලෙන් ඉන්න අය විතරක් නෙවෙයි ලෝකෙටම සුනාමියක් ආවත් වගේ වගක් නැති අයත් බස් වල නම් ඕනි තරම්…

කොහොම වුණත්,මේ කාට වුණත් බස් එකක් වගේ පොදු ප්‍රවාහන සේවාවක යද්දී  එද්දී තමන්ගේ ජාමේ බේරාගෙන යන්න එන්න වෙන සිස්ටම් එක තමයි ඉතින් මේ.

අංක එක  අනෙක් අය ගැන ගොඩක් හිතන්න.

බස් එකක යද්දී එද්දී අංක එකේ වගේම අවසන් නියමයත් මේක කිව්වොත් ඉතින් නිවැරදියි.ගොඩක් දෙනා නොකරන්නේත් ඉතින් මේක තමයි.දැන් බලන්න බස් එකට නැග්ග වෙලාවේ ඉඳලා අනික් කෙනා ගැන ටිකක් හිතන අය කොයිතරම් අඩුයිද?එකම තැන තිබ්බා වගේ හිටගෙන ඉන්නවා,නැත්නම් කණුව ගැලවිලා යයි කියන බයට ඒකෙම ඇලිලා ඉන්නවා.ටිකක් කොට(උසින් අඩු) කෙනෙක් නැග්ගම එයාට වෙන අපහසුතාවය ගැන හිතලා පොඩ්ඩක් හරි පහසුවක් වෙන විදියට ඉඩක් හරි දෙන්නේ කීයෙන් කී දෙනාද?එතනින් ගියාම වයසක සීයා කෙනෙක්-වයසක ආච්චි කෙනෙක්, .ගැබිණි කාන්තාවක් ,බබෙක් වඩාගත්ත කවුරුම හරි කෙනෙක් දැක්කම සීට් එකක් දෙන්නම නෙවෙයි,එයට අපහසුවක් නැතුව බස් එක ඇතුළට එන්නත් ඉඩක් වෙන් කරලා දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

බස් ගමන ටිකක් කම්මැලි නිසා පොතක්,පත්තරයක් බලන සිංදුවක් අහන අයත් අපිට දකින්න ලැබෙනවා.එයාලගේ ඒ හැසිරීම කාටවත් කරදරයක් නෑ තමයි. ඒ වුණත් ඉතින් වටපිටාව ගැන අවධානය තියෙනවා නම් හොඳයි නේද? නැත්තං වයසක කෙනෙක් ළඟ හිටගෙන හිටියත් දකින්නේ බස් එක නවත්තන තැනට ආවට පස්සෙයි. සිංදු අහන සමහර අයගේ තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි අහන සිංදුව මුළු බස් එකටම එයාගේ කටහඬින්ම අහන්න සලස්සන එක.

ප්‍රේමයෙන් වෙලිලා ඉන්න අය ඉතින් අනික් අය ගැන හිතන එක අනිවාර්ය දෙයක්.සමහර වෙලාවට බස් එකක අන්තිම සීට් එක දිහා වැරදිලාවත් බලන්න බැරි අවස්ථාවල් තියෙනවානේ.ඒ නිසා තමන්ගේ නිදහස හරිම සීමාසහිතව මේ වගේ අය පාවිච්චි කරනවානම් තමයි හොඳ.

කලින් දවසේ රෑ නිදාගන්න අමතක වෙච්ච අය කොටස් දෙකයි.ඇත්ත නින්ද.බොරු නින්ද.මේක ඉතින් තෝරා බේරා ගන්න වෙන්නේ නින්දේ තරම බලලම තමයි.හවසක වගේ නම් හැමෝම වගේ මහන්සි වෙලා ඉන්න නිසා ටිකක් විතර නින්ද යන එක සාමාන්යය දෙයක්.එහෙමයි කියලා එහා පැත්තේ ඉන්න කෙනාට අමතර බරක් එකතු වෙන විදියට නිදාගන්න එක නම් හරි නෑ නේද?

මේක තමයි හොඳම කාරණේ.ලංකාවේ බස් ගැන කියද්දී කියන්නම ඕනි දෙයක් තමයි සෙනඟ.ගෝනි ගණන් පැක් කරලා බස් එකක් සීල් කරන්න අපේ කොන්දොස්තර අයියලා හරිම දක්ෂයි. එතැනදී නම් කන්න වෙන්නේ මාර කට්ටක්.හවසක නම් ඉවසන්න බැරි දාඩිය ගඳ,ගමන් මළු,එළවළු-මාළු බෑග්…තවත් එකී-මෙකී-නොකී දේවල් ඕනි තරම් දේවල් බස් වල එහා මෙහා යනවා.

ඒ විතරක් නෙවෙයි ජීවිතේට දැකල නැති මිනිස්සු අතරේ හොඳටම තෙරපී තෙරපී ඉන්නත් මේ වෙලාවට සිද්ද වෙනවා.එතනදීත් අපහසුතා ගොඩක් මතුවෙනවා.එකක් ඔයාගේ ඇඳුම්,ඔයාගේ ශරීර තත්වයන්.(මේ කියන්නේ ඔයාගේ සනීපාරක්ෂක පැත්ත.ඔයා ගැහැණු කෙනෙක් නම් අත් යට රෝම ඉවත් කිරීම් වගේ දේවල් නිවැරදිව සිදුකිරීමෙන් අනික් අය වගේම ඔයා පත්වෙන අපහසුතාවයන් වුණත් මඟ හරවා ගන්න පුළුවන්.)ඇඳුම සාරියක් නම්,වැඩියෙන් කර කැපුණු ඇඳුමක් නම් සමහරවිට අපහසුතාවන් ඇති වෙන්න පුළුවන්.ඒ නිසා ඒ ගැනත් ඔයා අවධානයෙන් ඉන්න එක වැදගත්.මොකද අපි කලින් කිව්වා වගේ නිශ්චල-චංචල දේපොළ අතපත ගාන – අතපත ගාගෙන යන අයත් බස් වල ඕනි තරම්.දාඩිය ගඳ නම් මානුෂික දෙයක් තමයි.ඒත් ඉතින් හරියාකාරව ඔයාගේ සෞඛ්‍ය තත්වය වගේම පිරිසිදුකමත් ඔයා හුඟක් ඉහළින් සලකලා වැඩ කරනවා නම් ඒකත් ප්‍රශ්නයක් නෙවෙයි..ඒ නැතත් අපේ හැන්ඩි රෙක්සෝනා ඩියෝ එක ඔයාට ඒ කරදරෙන් ගැලවිලා ඉන්න ගොඩක් උදව් වෙයි.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top