පෙම්වතියගේ සිනහවේ ඔබ නොදන්න සැඟවුණු රහස් මෙන්න
Sunday, 19 March 2017 - 20:06 | Views - 4,411
සිනාවෙන් නම් කෙනෙකුව මනින්නට බැරි යැයි අදහසක් තිබුණත්, සිනාවෙන් ඇත්තටම කෙනෙකුගේ සෞඛ්‍යය වගේම තවත් බොහෝ දේ කිව හැකියි.

මෙන්න ඒ සොයා ගැනීමලොකු හිනාවක සැඟවී තිඛෙන අපූරු කාරණා දෙකක් මෑතකදී සිදු කෙරුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලියීය අධ්‍යයනයකින් හෙළි වුණේ තරු‚යන්ගේ යොවුන්වියේ සිනාවේ ප්‍රමාණයෙන් ඔවුන්ගේ අනාගත දිවිය ගැන අනාවැකි පළ කරන්නට සමීක්ෂකයින් පිරිසක් සමත් වී ඇති බවයි ඡායාරූපවල දැක්වුණු යෞවනියන් කණ්ඩායමකගේ සිනාවන් ප්‍රමාණාත්මකව මැනීමෙන් ඔවුන්ගේ අනාගත දිවියේ සෞඛ්‍ය සම්පන්න බව වගේම විවාහ දිවියේ සාර්ථකත්වයද ඔවුන් මේ මඟින් මැන බලා තිඛෙනවා. මේ අතරින් පුළුල් ලෙස සිනාසී සිටි තරු‚යන් නිරන්තරයෙන් මේ සමීක්ෂණයෙන් ඉහළින්ම සිටි බව තහවුරු වී තිබුණා.

ඔවුන් යහපත් සෞඛ්‍යයකින් වගේම යුග දිවියේ සතුටද ඉහළින්ම ලබනු ඇති බව සමීක්ෂකයින් මේ සිනාවේ අධ්‍යයනයකින් මඟින් අනාවැකි පළකොට තිඛෙනවා.

සිනාවේ අසීමිත ප්‍රතිලාභ මෙන්න

ප්‍රීතිමත් හා හොඳ සිනාවක් මඟින් හැමවිටම පෙනහලු‍වලට හිතකර ප්‍රතිඵල උදාකරන අතර ප්‍රතිශක්තිය නංවන බවද හඳුනාගෙන තිඛෙනවා සිනාසීමෙන් වැඩිපුර කැලරි දහනය කරගත හැකි බවද පිළිගත් කරුණක්.

තවත් අධ්‍යයනයකින් හඳුනාගෙන තිබුණේ සිනාසීමෙන් රුධිර පීඩනය අඩුවන බවයි එදිනෙදා විවිධ සිදුවීම් අවසානයේ මිනිත්තුවක් දක්වා හොඳින් සිනාසී සිටි පුද්ගලයින්ගේ රුධිර පීඩනය එසේ නොකළ අයට වඩා ක්‍රමයෙන් අඩු වී ගිය බව සමීක්ෂකයින්ගේ නිරීක්ෂණයට හසු වී තිබුණා.

විශ්වාසයට පාර කියන සිනහව

තවත් අධ්‍යයනයකින් අනුව සුහදව සිනාසෙන පුද්ගලයින් කෙරේ අන්‍යයන් මනා විශ්වාසයක් තබන බව හෙළි වී තිඛෙනවා.

විශ්වාසය මානසික සෞඛ්‍යයේ වැදගත් කොටසක් මිනිසුන් සමඟ ගනුදෙනු කිරීමේදී එක්කෝ ඔවුන් ඛෙහෝ මිත්‍රශීලි හෝ ආදරය අය බවට පත්වන්නේත් මේ විශ්වාසය නිසයි මේ සියලු‍ බැඳීම් හා විශ්වාසයන් ගොඩනැගෙන්නේ සරලව සිනාසීම මතයිආතතිය අපව හකුලා දමනවා.

ආතතිය අපේ ආකල්ප පටු කරනවා අවධානයත් හීන කරනවා එක්කෝ අපේ ජීවිත කෝපයේ මාවතට ඇද දමනවා නැතිනම් නිහ~ අඳුරු ගුහාවක හිර කර දමනවා.

නමුත් හිනාව මීට විරුද්ධවයි ක්‍රියාත්මකවන්නේ සිනාසෙන පුද්ගලයකුට කිසිදාක මෙසේ විය නොහැකි බව අධ්‍යයන මඟින් හෙළි කරනවා. ඒ වෙනුවට නැවත ඔබේ අවධානය පුළුල් කර දෙනවා. හැමවිටම අපව හැකිතාක් බහුකාර්ය පුද්ගලයින් බවට හරවන බවත්ල අපේ දැක්ම පුළුල් කර වඩා සවිඥානක මිනිසුන් බවට පත් කරවන බවත් පර්යේෂකයින්ගේ මතයයි.

සිරුරේ වේදනා අඩු කරන්නත් සිනාවට පුළුවන්

මඳ සිනාවෙන් වගේම හයියෙන් සිනා වීමෙනුත් සිරුරේ වේදනා අඩු කළ හැකි බව පර්යේෂකයින් සොයාගෙන තිඛෙනවා. සිනාසීමේදී එන්ඩොෆින් නිකුත් කෙරෙන අතර අපගේ හැඟීම් වඩා යහපත් තත්ත්වයකට ගෙන යන බවද පර්යේෂකයින්ගේ අදහසයි පර්යේෂකයින්ට අනුව සිනාව යනු ස්වභාවික වේදනා නාශකයක්.

ඵලදායිතාව නංවන මෙවලමක්

හිනාව ඵලදායිතාව ඉහළ දමන කදිම සාධකයක් බව පර්යේෂකයින් කියා සිටිනවා. ඉලක්ක හඹා යෑමටත් මෙය කදිම උපාංගයක් බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ වැඩකරන අනතුරේ ˜උරුවම් බෑම˜ විසුළු රූප හෝ සුරතල් සතෙකුගේ පින්තූරයක් පරිගණක තීරයේ දමා ගැනීමෙන් ඔබව පහසුවෙන් සිතා ගැන්විය හැකියි. කොයිතරම් කලබලයේ වුවත් හදිසියේ පැන නැගෙන ඒ සිනාව ඔබව නොදැනුවත්වම ඵලදායී පුද්ගලයකු කරන බවයි සමීක්ෂණ වලින් තහවුරු කොට තිබෙන්නේ.

සාර්ථකත්වය උපයන්න

සිනාවෙන් ආත්ම විශ්වාසය නැංවෙන අතර ඉටු කරන කාර්යයන් තුළින් ඉහළට ගමන් කිරීමටද හැකිබව පර්යේෂකයින්ගේ නවතම සොයා ගැනීම් අතර වෙයි මෙය (සිනාව) මුදල් ඉපයීමටත් වක්‍ර හේතුවක් බවද ඔවුන් වැඩිදුරටත් කියනවා.

හොඳින් සිනාවෙන මිනිසුන් තුළ සාර්ථක ව්‍යාපාරික අදහස් ඇතිවන බවත් ඒ තුළින් ඔවුන්ට ආර්ථීක දියුණුව ලද හැකි බවත් පර්යේෂණ හෙළි කරනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top