ඇමරිකානු ජාතික Fredzania Thompson නම් 19 හැවිරිදි ගැබිණි නිරූපිකාවක් දුම්රිය මාර්ගයක් මත ඡායාරූපවලට පෙනි සිටිද්දී දුම්රිය දෙකකට මැදිවී අනතුරට පත්වී මියගොස් ඇත.
ඇය ඡායාරූපවලට සිටිමින් ඉඳ ඇත්තේ දුම්රිය මාර්ග දෙකකට මැදිවයි. ඇය එක් පසකින් දුම්රියක් එනවිට අනෙක් දුම්රිය මාර්ගයට මාරුවී ඇති අතර අවාසනාවන්ත ලෙස අනෙක් දිශාවෙන් ද දුම්රියක් පැමිණ ඇත.
එම මොහොතේ ඇයට කිරීමට කිසිඳු දෙයක් නොමැතිව දුම්රියේ ගැටී මියගොස් ඇත.
මෙම අවස්ථාවේ දී ඡායාරූපකරණ ශිල්පියාට අනතුරක් සිදුවී නොමැත.