ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 162ක් දක්වා ඉහළට
Saturday, 04 April 2020 - 18:17 | Views - 357

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 3 දෙනෙකු අද හඳුනාගෙන තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ ඒ අනුව, මේ වනවිට මෙරටදී වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ මුළු රෝගීන් සංඛ්‍යාව 162 ක් බවයි.
අවසන් වරට හඳුනාගත් රෝගීන් 11 දෙනාගෙන් තුන් දෙනෙකු යාපනය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටියදී හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියාසිටියේ.
එමෙන්ම ඇමරිකාවේ සහ දකුණු කොරියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි තවත් දෙදෙනෙකු ද මෙම පිරිස අතර වනවා.
මෙහි තවත් අයෙකු පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදී හඳුනා ගැනුනු අතර තවත් අයෙක් හලාවත ප්‍රදේශයෙන් ද හඳුනාගත් අයෙක් බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා කියාසිටියේ.
විදේශිකයන් සමග ළඟින් ඇසුරු කළ අයෙක් ද මෙහි සිටින අතර කළුතර ප්‍රදේශයේ වසා දමා ඇති ප්‍රදේශයෙන් හඳුනාගත් ගැබිණි කාන්තාව ද හඳුනාගත් කොරෝනා වෛරස් ආසාදිතයන්ට අයත්.
අකුරණ ප්‍රදේශයෙන් හඳුනාගත් රෝගියා ළගින් ඇසුරු කළ දෙදෙනෙකු ද තහවුරු කළ රෝගීන් අතර සිටින බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියාසිටියේ.
මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පස්වැනි පුද්ගලයාගේ දේහය අද පස්වරුවේ අරලගංවිල - විජයබාපුර පොදු සුසාන භූමියේදී ආදාහනය කෙරුණා.
ඒ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ වැලිකන්ද මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු සහ පොලීසියේ සහභාගිත්වයෙන්.
මෙම අවස්ථාවට මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකු පමණක් එක්ව සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.
අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි මියගිය පුද්ගලයා 44 හැවිරිදි දෙදරු පියෙක්.
ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි මෙම පුද්ගලයා පසුගිය 23 වනදා වැලිකන්ද මූලික රෝහලට යොමු කෙරුණේ වෛරසය ආසාදනය වීම හේතුවෙන්.
එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීි ඔහු ජිවිතක්ෂයට පත්වුණා.
මේ අතර, කොරෝනා වෛරසය මර්දනය සඳහා ඉදිරියටත් තීරණ ගනු ලබන්නේ සෞඛ්‍ය, වෛද්‍ය, ආරක්ෂක සහ නීති ඇතුළු අදාළ ක්ෂේත්රවල විශේෂඥයන්ගේ නිර්දේශ මත පදනම් වෙමින් බව රජය පවසනවා.
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට දියත් කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී එය තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
මෙම සාකච්ඡාවට අදාළ අංශ නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් එක්වුණා.
එහිදී අනාවරණ වුණේ රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග නිසා මෙම සෞඛ්‍ය ගැටළුව පාලනයෙන් ගිලිහී යා නොදී කලමනාකරණය කර ගැනීමට හැකි වූ බවයි.
Share This Article