දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාව කඳුළින් තෙත් වී අදට වසරක් සපිරෙයි.. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත් කළ ඒ වේදනාත්මක වසරක මතකය මෙන්න..
Friday, 27 November 2026 - 14:03 | Views - 56
සිය ගණනකට ජීවිත අහිමි කරමින්, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත් කළ දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මෙරට දරුණු ආපදා තත්ත්වයක් හටගෙන අදට (27) වසරක් සපිරෙනවා.

2025 වසරේ නොවැම්බර් 27 වැනිදා දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් දිවයින පුරා ඇති වූ ධාරානිපාත වර්ෂාවත් සමග ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෙරට ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වුණා.

මෙම ආපදාවෙන් 233,000කට අධික ජනතාවකට සෘජුව බලපෑම් එල්ල කළ අතර පුද්ගලයින් 700කට වැඩි පිරිසකට ජීවිත අහිමි වූ වුණා.

පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් අතුරුදන් වූ බව නවතම මාධ්‍ය වාර්තාවල සඳහන්.

මහනුවර, බදුල්ල, නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක රැසකට ඉන් දැඩි බලපෑම් එල්ල වූ අතර, නිවාස, මහාමාර්ග, පාලම්, දුම්රිය මාර්ග සහ කෘෂිකාර්මික භූමි රැසක් විනාශයට පත්වුණා.

මෙම ව්‍යසනයෙන් පූර්ණ නිවාස හානි 6000කට අධික ප්‍රමාණයක් සහ අර්ධ නිවාස හානි 108,000 ලෙසින් වාර්තා වුණා.

ආපදාවෙන් විපතට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා නිවාස ඉදිකිරීම්, වන්දි ප්‍රදානය සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර, දිට්වා ව්‍යසනයෙන් ජීවිත අහිමි වූවන් සිහිපත් කිරීම වෙනුවෙන් බදුල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් ඊයේ සහ අද සර්ව ආගමික සැමරුම් වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.

දිට්වා සුළි කුණාටුව මෙරටට කළ විනාශයට වසරක් ගත වුවද, තම ආදරණීයයන්, නිවාස සහ ජීවනෝපායන් අහිමි වූ ජනතාවගේ ජීවිත යළි ගොඩනැගීම තවමත් අවසන් වී නැහැ.

රුදුරු වූ දිට්වා අබියස මතක පමණක් ඉතිරි කර සඳහටම නික්ම ගිය මිනිසුනි, නුඹ සැමදා අප හදවත් අතර සිටින අතර මෙවැනි විපතක් යළිත් අප මව් බිමට අත් නොවේවා යන්න අප සියලු දෙනාගේ ම ඒකායන ප්‍රාර්ථනයයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top