අහසටත් වඩා උසට ගිය පිය සෙනෙහසක්.. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට සිය තුන්වැනි දරුවාගේ උපත සැමරූ කැනේඩියානු ගගනගාමියා..
Thursday, 26 November 2026 - 16:32 | Views - 11
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින කැනේඩියානු ගගනගාමියෙකු පෘථිවියේ සිට සැතපුම් සිය ගණනක් ඈතින් සිය තුන්වැනි දරුවාගේ උපත සමරා තිබෙනවා.

මෙලෙස දියණියකගේ පියෙකු බවට පත්ව ඇත්තේ කැනේඩියානු ගගනගාමී ජෝෂුවා කුට්‍රික් බවයි කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කළේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ ආරම්භ වූ මාස හයක අභ්‍යවකාශ මෙහෙයුමකට එක්ව සිටින ඔහුගේ පළමු අභ්‍යවකාශ චාරිකාව ද මෙය වනවා.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටියදී තම දරුවෙකුගේ උපත සිදුවූ ඉතිහාසයේ සිව්වැනි ගගනගාමියා ලෙස ද ඔහු වාර්තා අතරට එක්ව තිබෙනවා.

ජෝෂුවා කුට්‍රික් සහ ඔහුගේ බිරිඳ වන හෙදර් කුට්‍රික්ට මීට පෙර වයස අවුරුදු 05ක සහ 07ක දරුවන් දෙදෙනෙකු ද සිටිනවා.

“අප අතර විශාල දුරක් පැවතියද, අපේ ජීවිතයට එක්වූ මේ පුංචි තාරකාව පිළිගන්නා මොහොතේ අප එකිනෙකාට ඉතා සමීප බවක් දැනෙනවා.” යනුවෙන් ඔවුන් දෙදෙනා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

සිය පවුලේ සාමාජිකයින් පස්දෙනා යළි එක්වන දිනය අපේක්ෂාවෙන් සිටින බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ගගනගාමියෙකු වීමට පෙර ජෝෂුවා කුට්‍රික් කැනේඩියානු රාජකීය ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් යානා නියමුවෙකු සහ කර්නල්වරයෙකු ලෙස සේවය කර තිබෙනවා.

2017 වසරේදී කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියට බඳවාගෙන ඇති ඔහු නාසා ආයතනයේ SpaceX Crew-13 මෙහෙයුම සඳහා තෝරාගත් එකම කැනේඩියානු ගගනගාමියා ද වනවා.

අමෙරිකානු ගගනගාමීන් දෙදෙනෙකු සහ රුසියානු ගගනගාමියෙකු ද එක්ව සිටින මෙම මෙහෙයුම යටතේ අභ්‍යවකාශයේ විද්‍යාත්මක පර්යේෂණ සහ නව තාක්ෂණික අත්හදා බැලීම් සිදු කෙරෙනවා.

සිය අභ්‍යවකාශ ගමන කුඩා කල සිට පැවති සිහිනයක් සැබෑවීමක් බව සඳහන් කරන ජෝෂුවා කුට්‍රික් පවසන්නේ, කැපවීම, අධිෂ්ඨානය සහ පවුලේ සහයෝගය තුළින් අසාමාන්‍ය ජයග්‍රහණ අත්කරගත හැකි බව සිය දරුවන්ට පෙන්වාදීම තම අරමුණ බවයි.

මූලාශ්‍රය - BBC
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top