අන්තර්ජාලයෙන් බැංකු ගනුදෙනු කරන ඔබටත් අනතුරු ඇඟවීමක්.. ව්‍යාජ බැංකු වෙබ් අඩවියක් හදාගෙන රුපියල් ලක්ෂ 10කට විද්ද තරුණයා කොටු වූ හැටි..
Friday, 27 November 2026 - 15:20 | Views - 84
පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ව්‍යාජ වෙබ් අඩවිය හරහා පුද්ගලයෙකු රවටා ඔහුගේ බැංකු ගිණුමට ප්‍රවේශ වීමේ දත්ත ලබාගෙන ගිණුමේ තිබූ මුදල් වංචා කර ඇති බවයි පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පරිගණක අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ අනුව අනාවරණ වූ තොරතුරු මත පෞද්ගලික ආයතනයක දත්ත ඇතුළත් කිරීමේ නිලධාරියෙකු ලෙස සේවය කරන සැකකරුවෙකු ඊයේ (26) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පරිගණක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
Share This Article