විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ ගැටලූවලට විසඳුම් ලබාදීමට හෙට සිට විශේෂ සේවාවක්
Saturday, 04 April 2020 - 15:17 | Views - 993
ඇඳිරි නීති කාලය තුළ සිදුවන විදුලිය හා ජල පාරිභෝගිකයන්ගේ අභ්‍යන්තර පරිපථ දෝෂවලට කඩිනම් විසඳුම් ලබාදීමට හෙට සිට විශේෂ සේවාවක් ආරම්භ කෙරෙනවා.
දැනටමත් ක්‍රියාත්මක විදුලි සේවා බිඳ වැටුම් හා ජල සේවා බිඳ වැටුම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවය හරහා එය ක්‍රියාත්මක වනු ඇති.
එමගින් සිය පරිශ්‍ර තුළ පිහිටි එම පද්ධතිවල දෝෂ අලූත්වැඩියා කර ගැනීම සඳහා පාරිභෝගිකයින්ට අදාළ ගැටලූ ඉදිරිපත් කිරීමට පහසුකම් සලසා ඇති බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කළේ.
ඒ අනුව, ජලනල කාර්මිකයෙකුගේ සේවය ලබා ගැනීම සඳහා 1939 අංකයත්, අභ්‍යන්තර විදුලි පද්ධතියේ දෝෂයක් ඇති වූ විට 1987 අංකයත්, විදුලි පුද්ගලික සමාගමේ පාරිභෝගිකයන්ට 1910 අංකයත් අමතා සහය ලබා ගත හැකියි.
Share This Article