එගොඩඋයනේදී අණ නොතකා ගොස් පොලීසිය වෙඩි තැබීමේදී තුවාල ලැබූ තුන්දෙනාත් රක්ෂිත බන්ධනාගාරයට
Saturday, 04 April 2020 - 11:29 | Views - 631
මොරටුව - එගොඩඋයන, මෝදර - අලූත්පාලම අසල මාර්ග බාධකයේදී අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තුන්දෙනාද රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් ඊයේ පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

එසේම කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අනෙක් සැකකරු සම්බන්ධයෙන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර, ඔහු ලබන 17 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ද ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කටයුතු කෙරුණේ.

ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් අණ නොතකා නොනවත්වා ධාවනය කළ අදාළ මෝටර්  රථයට පොලීසිය වෙඩි තබා තිබුණේ පෙරේදා රාත්‍රියේදියි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top