එගොඩඋයනේදී අණ නොතකා ගොස් පොලීසිය වෙඩි තැබීමේදී තුවාල ලැබූ තුන්දෙනාත් රක්ෂිත බන්ධනාගාරයට
Saturday, 04 April 2020 - 11:29 | Views - 632
මොරටුව - එගොඩඋයන, මෝදර - අලූත්පාලම අසල මාර්ග බාධකයේදී අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තුන්දෙනාද රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ අනුව ඔවුන්ගෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් ඊයේ පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
එසේම කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අනෙක් සැකකරු සම්බන්ධයෙන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර, ඔහු ලබන 17 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ද ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කටයුතු කෙරුණේ.
ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් අණ නොතකා නොනවත්වා ධාවනය කළ අදාළ මෝටර් රථයට පොලීසිය වෙඩි තබා තිබුණේ පෙරේදා රාත්‍රියේදියි.
Share This Article