ගත වූ පැය 24 තුළ ඇමරිකාවේ කොරෝනා මරණ 1400 ඉක්මවයි
Saturday, 04 April 2020 - 9:59 | Views - 1,159
ගත වූ පැය විසිහතර තුළ ඇමරිකාවේ කොරෝනා මරණ 1400 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලොව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව දෙලක්ෂ 76,965 ක්.
ඇමරිකාවේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නතර කිරීම සදහා සියලූ පුරවැසියන්ට රෙදිවලින් සැකසූ මුඛ ආවරණ හෝ ස්කාෆ් පැළදීමට උපදෙස් ලබාදීමට ධවල මන්දිරය සූදානම් වනවා.
එමෙන්ම, ඇමරිකාවේ ප්‍රධානතම මුහුණු ආවරණ නිෂ්පාදන සමාගම වන ත්‍රී - එම් වෙත ධවල මන්දිරය නියෝග කර ඇත්තේ කැනඩාව සහ ලතින් ඇමරිකාව වෙත එන් - 95 වර්ගයේ මුහුණු ආවරණ අපනයනය වහා තහන්ම කරන ලෙසයි.
Share This Article