මෙරට දිස්ත්‍රික්කවලින් කොරෝනා රෝගීන් හමු වූ හැටි
Saturday, 04 April 2020 - 7:51 | Views - 2,734
මෙරටදී සොයා ගත් කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව 159 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වූ අතර, සුවය ලබා දෙදෙනෙකු ඊයේ දිනයේදී රෝහලෙන් පිටව ගියා.

131 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිතව තවදුරටත් ප්‍රතිකාර ලබන අතර, මේ දක්වා සුවය ලබා පිටව ගොස් ඇති සංඛ්‍යාව 24 ක්.

මේ වනවිට දිවයිනේ කොරෝනා මරණ 5 ක් ද වාර්තා වනවා.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 36 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 25 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් 26 දෙනෙකු, නිරෝධායන මධ්‍යස්ථානවලින් 34 දෙනෙකු, ගම්පහින් 11 දෙනෙකු, මහනුවරින් 4 දෙනෙකු, රත්නපුරෙන් 3 දෙනෙකු, යාපනයෙන් 4 දෙනෙකු වාර්තා වනවා. මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන 73 දෙනෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ, ජාතික රෝහලේ ලියාපදිංචි වී ඇති බාහිර රෝගී සායනවලට සම්බන්ධ වීම සදහා දුරකථන අංක හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව, 0113 618 715, 0113 618 718, 0113 361 87 46 යන දුරකථන අංක ඔස්සේ අදාළ සායන ඇමතිය හැකියි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top