මෙරට දිස්ත්‍රික්කවලින් කොරෝනා රෝගීන් හමු වූ හැටි
Saturday, 04 April 2020 - 7:51 | Views - 2,735
මෙරටදී සොයා ගත් කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව 159 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේදී ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වූ අතර, සුවය ලබා දෙදෙනෙකු ඊයේ දිනයේදී රෝහලෙන් පිටව ගියා.
131 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිතව තවදුරටත් ප්‍රතිකාර ලබන අතර, මේ දක්වා සුවය ලබා පිටව ගොස් ඇති සංඛ්‍යාව 24 ක්.
මේ වනවිට දිවයිනේ කොරෝනා මරණ 5 ක් ද වාර්තා වනවා.
මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 36 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 25 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් 26 දෙනෙකු, නිරෝධායන මධ්‍යස්ථානවලින් 34 දෙනෙකු, ගම්පහින් 11 දෙනෙකු, මහනුවරින් 4 දෙනෙකු, රත්නපුරෙන් 3 දෙනෙකු, යාපනයෙන් 4 දෙනෙකු වාර්තා වනවා. මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන 73 දෙනෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ, ජාතික රෝහලේ ලියාපදිංචි වී ඇති බාහිර රෝගී සායනවලට සම්බන්ධ වීම සදහා දුරකථන අංක හදුන්වා දී තිබෙනවා.
ඒ අනුව, 0113 618 715, 0113 618 718, 0113 361 87 46 යන දුරකථන අංක ඔස්සේ අදාළ සායන ඇමතිය හැකියි.
Share This Article