මොරටුවේදී පොලිස් වෙඩි පහරට ලක්ව තුවාල ලැබූ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වෙයි
Friday, 03 April 2020 - 17:34 | Views - 1,420
මොරටුව - එගොඩඋයන, මෝදර - අලූත්පාලම අසල මාර්ග බාධකයේදී අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් තුන්දෙනා සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.
තුවාලකරුවන් අවුරුදු 18 ත් 22 ත් අතර පසුවන පානදුර හා බත්තරමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඉන් දෙදෙනෙකු දැනට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔවුන් දෙදෙනා ප්‍රදේශයේ සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
එක් තුවාලකරුවෙකු 2018 වසරේ නොවැම්බර් මාසයේදී හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ අයෙක්.
අනෙක් තුවාලකරු 2017 වසරේ වරෙන්තුවක් සඳහා අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර ගත කර සිටියදී ඉන් පැන ගොස් ඇති අතර, ඊට පසුව 2018 - 2019 වර්ෂවලදී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවෙකු වනවා.
Share This Article