මෙරට මාධ්‍යවේදීන්ගේ Facebook ගිණුම් හැක්කිරීමේ ප්‍රවනතාවක් ගැන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සිදුකළ හෙළිදරව්ව
Friday, 03 April 2020 - 15:44 | Views - 834
මේ වනවිට මෙරට මාධ්‍යවේදීන් ඉලක්ක කර Facebook ගිණුම් හැක්කිරීමේ ප්‍රවනතාවක් මතුව ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා.
 
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය කියා සිටියේ, ආරක්ෂක ක්‍රමවේද අවම ප්‍රමාණයක් අනුගමනය කර ඇති ෆේස්බුක් ගිණුම් වෙනත් පිරිසකට නතුවීමේ ප්‍රවනතාවයක් (phishing attack) මේ දිනවල සිදුවන බවට පැමිණිලි ලැබී ඇති බවයි.

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන් සහ සාමාන්‍ය ජනයා ඉලක්ක කරගනිමින් මෙම සයිබර් ප්‍රහාරය සිදුවන බව ද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සදහන් කරනවා.

ෆේස්බුක් පරිශීලක ගිණුමක ආරක්ෂාව ඉහළ නැවීමට දෙවන සාධක සත්‍යාපනය නොහොත් 2 factor authentication වැනි ආරක්‍ෂිත ක්‍රම සක්‍රිය කරගන්නා ලෙස ද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සියලුම මාධ්‍යවේදීන්ට සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය භාවිත කරන අනෙකුත් පරිශීලකයන්ට දැනුම්දී තිබෙනවා.

තවද වෙනත් පුද්ගලයන් විසින් එවනු ලබන සැක සහිත යොමු (coronavgame2.atwebpages com) වලට ඔබගේ ෆේස්බුක් මුරපද සහ පරිශීලක නාමයන් ඇතුළත් කිරීමෙන් වළකින ලෙස මාධ්‍යවේදීන් හා සාමාන්‍ය ජනතාවට අවවාද කරන බවයි ඔවුන් දන්වා සිටින්නේ.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිකුත් කළ නිවේදනය පහතින්

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top