මේ දිනවල රට තුල පවත්න හදිසි තත්ත්වය හමුවේ විවිධ වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ප්‍රකාශ ලෙස සකස් කරන ලද විවිධ අසත්‍ය පණිවුඩ හුවමාරු වෙමින් පවතින බවට නිරීක්ෂණය වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරනවා.
ජනාධිපතිවරයා අවධාරණය කර සිටින්නේ මේ හේතුවෙන් විවිධ සාවද්‍ය ප්‍රකාශ ජනගත වීමට ඉඩ ඇති බවයි
මේ හේතුවෙන් තමන් විසින් සිදුකරනු ලබන නිවේදන හෝ ප්‍රකාශ සිය නිල වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය හරහා පමණක් ප්‍රකාශයට පත් කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර සිටින්නේ.
මේ සම්බන්ධයෙන් වන විශේෂ සටහනක් ජනාධිපතිවරයාගේ නිල ෆේස් බුක් පිටුවේ මෙලෙස පළකර තිබුණා.