ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් කාර්ය සාධන බලකාය රැස්වෙයි
Friday, 03 April 2020 - 10:45 | Views - 686
බස්නාහිර පළාත් කාර්ය සාධක බලකාය ඊයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වුනා.
ඒ ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර්ෆෝස් රොෂාන් ගුණතිලකගේ ප්‍රධානත්වයෙන්.
එම අවස්ථාවට බස්නාහිර පළාත් සභාවේ සියලු උසස් රාජ්‍ය නිලධාරීන් මෙන්ම පළාත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ප්‍රධානීන් රැසක් එක්ව සිටියා.
මෙම හමුවේදී දැනට පළාතේ උද්ගතව ඇති ජනතා ගැටළු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකෙරුනා.
එහිදී තීරණය කෙරුණේ සතියකට වරක් කොවිඩ්-19 ගැටලුව සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමටයි.
Share This Article