නිරෝධායනය අවසන් කළ 49 දෙනෙකු නිවෙස් බලා පිටව යයි
Friday, 03 April 2020 - 10:14 | Views - 493
පෙරියකාඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිරෝධායනයට ලක්වූ 16 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා.
වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ පිහිට වූ නිරෝධායන මධ්‍යස්ථානයන් හි රැඳී සිටි අවසන් කණ්ඩායම මෙම පිරිස බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
යුද හමුදාවේ පෙරියකාඩු සහ පම්පෙමඩු නිරෝධායන මධ්යස්ථනයන්හි මේ දක්වා පුද්ගලයන් තුන්සිය තිස් දෙදෙනෙකු නිරෝධායනයට ලක්වී ඇති අතර වන්නි ගුවන් හමුදා කදවුරේදී තවත් පුද්ගලයන් 206 දෙනෙකු මේ දක්වා නිරෝධායනය අවසන් කර ඇති බව සඳහන්.
මේ අතර, දියතලාව යුද හමුදා නිවාඩු නිකේතනයේ දී නිරෝධායනයට ලක්වූ තවත් පුද්ගලයන් 33 දෙනෙකු අද පෙරවරුවේ නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා.
මෙලෙස නිරෝධායන කාලසීමාව අවසන් කර නිවෙස්බලා පිටව ගොස් ඇත්තේ යුරෝපා රටවල සිට පැමිණි බණ්ඩාරවෙල, මතුගම, කටුනායක සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.
Share This Article