කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පවතී නම් හැකි ඉක්මනින් සෞඛ්‍ය අංශ වෙත යොමුවන්න
Friday, 03 April 2020 - 9:23 | Views - 1,182
කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පවතී නම් හැකි ඉක්මනින් සෞඛ්‍ය අංශ වෙත යොමුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ඉල්ලීමක් කරනවා.
ප්‍රමාදවී ප්‍රතිකාර සඳහා පැමිණියහොත් අදාළ රෝගීන්ට අවදානම් තත්ත්වයකට මුහුණදීමට සිදුවිය හැකි බවයි ඔහු කියා සිටියේ.
මේ අතර, කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මෙරටදී ආසාදනය වූ තවත් පුද්ගලයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වූවා.
ඒ අනුව මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 04 දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.
58 හැවිරිදි අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකු ඊයේ මෙලෙස ජීවිතක්ෂයට පත්වුණා.
මේ අතර, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මෙරටදී ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාවද 151 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 126 දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර ලබන බවයි.
වෛරසය ආසාදනය වූ 21 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
Share This Article