කොවිඩ් නයින්ටීන් අරමුදලට ව්‍යාජ ලෙස මුදල් එකතු කරන බවට පවසමින් සිද්ධීන් වාර්තා වෙයි
Friday, 03 April 2020 - 9:20 | Views - 562
කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට යැයි පවසමින් මුදල් එකතු කිරීමේ සිද්ධීන් පිළිබඳව තොරතුරු ජනාධිපති කාර්යාලයට වාර්තා වී තිබෙනවා.
අදාළ අරමුදලට ඍජුව මුදලින්, චෙක්පතකින් හෝ වෙනත් පිළිගත් ගෙවීම් මාර්ගයකින් දායක වනු හැර, කිසිවෙකුට හෝ සංවිධානයකට මුදල් නොගෙවන ලෙසටයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර ඉල්ලා සිටින්නේ.
එබැවින් මෙවැනි වංචනික ක්‍රියා පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස ජනාධිපති ලේකම්වරයා දැනුම් දෙනවා.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු 011 235 44 79 හෝ 011 235 43 54 යන දුරකතන අංක ඇමතීමෙන්ද ලබාගත හැකියි.
අද වනවිට අදාළ අරමුදලට මේ වන විට බැර වී ඇති මුදල රුපියල් මිලියන 314 කට අධිකයි.
Share This Article