රාජසන්තක කරන ලද සියලූම එතනෝල් පොලිස් දෙපාර්තමේන්තුවට
Thursday, 02 April 2020 - 16:26 | Views - 1,195
රාජසන්තක කරන ලද සියලූම එතනෝල් කොරෝනා මර්දන කටයුතු සඳහා පොලිස් දෙපාර්තමේන්තුව වෙත මුදා හරින ලෙස ජනාධිපති ලේකම්වරයා රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබෙනවා.

ඒ අනුව, සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන මෙලෙස රාජසන්තක කළ එතනෝල් ලීටර 75,000 කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය වෙත ලබාදීමට කටයුතු කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ කියා සිටියේ.

 එමෙන්ම, මත්පැන් නිෂ්පාදනය සහ අමුද්‍රව්‍ය ලෙස යොදා ගැනීමට සකස් කළ එතනෝල්වලින් ලීටර ලක්ෂ 10ක් පමණ පෞද්ගලික සහ රාජ්‍ය අංශ වෙත ලබාදීමට කටයුතු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, අද මධ්‍යහ්න 12 න් අවසන් වූ පැය 6 ක කාලසීමාව තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 268 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව, වාහන 80 ක් ද පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

ඒ අනුව මාර්තු මස 20 වනදා සිට අද දහවල් 12 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 9734 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top