බිරිඳ සහ තුන් හැවිරිදි දියණිය ඝාතනය කර සැමියා දිවි නසාගෙන
Thursday, 02 April 2020 - 13:34 | Views - 3,764
හේනේගම , කහටාන , මුත්තෙට්ටුවවත්ත ප්රදේශයේ නිවසක ඝාතනය කරන ලද 28 හැවිරිදි මවකගේ හා අවුරුදු 3ක දියණියකගේ සිරුර හා නිවසේ වහලයේ එල්ලී මියගොස් සිටි ගෙහිමි සැමියාගේ හමුවු වු බව මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.
බිරිද හා දියණිය ඝාතනය කොට සැමියාද දිවිනසාගෙන ඇති බවයි පොලිසිය සැක කරන්නේ.
නිවසේ ඇදමත තිබු බිරිදගේ සිරුරෙහි තියුණු කැපුම් තුවාල ඇතිබවත් දියණියගේ ගෙල ප්රදේශයේ සීරිම් සලකුණු ඇතිබවත් පොලිසිය කියයි.
එච්.ජී.දිල්රුක්ෂි වික්රමසිංහ(28) හා කේ.කේ.ෂනුදි සාවින්ද්යා (03) මෙසේ ඝාතනයට ලක්ව ඇති බවත් සදහන්.
ගෙහිමියා වු සමන් පත්මසිරි (37) සැමියා සියදිවි නසාගෙන තිබෙනවා.
මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ ගම්පහ රජයේ රෝහලේදී අද( 02) සිදුකිරීමට නියමිතව තිබෙනවා
Share This Article