අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කළ කැබ් රථයකට යටවී දරුවෙකු ජීවිතක්ෂයට
Thursday, 02 April 2020 - 13:28 | Views - 2,586
උඩුදුම්බර - කළුගල මාර්ගයේ කිරිගංකුඹුර ප්‍රදේශයේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කළ කැබ් රථයකට යටවීමෙන් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම කැබ් රථය කිරිගංකුඹුර ප්‍රදේශයේ සිට කළුගල දෙසට ඊයේ ධාවනය වෙමින් තිබියදී මාර්ගයේ ගමන් කරමින් සිටි මෙම දරුවා එහි ගැටී ඇති බවයි.
සිද්ධියෙන් මියගිය දරුවාගේ වයස අවුරුදු 12ක්.
අදාළ කැබ් රථය අධික වේගයෙන් ධාවනය වීම අනතුරට හේතුවට අනාවරණය වී තිබෙනවා.
Share This Article