කොරෝනා වෛරසය මැද මැලේරියාවත් හිස ඔසවයිද?
Thursday, 02 April 2020 - 13:25 | Views - 951
ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස ප්‍රසිද්ධියට පත් වුවද මැලේරියා රෝගය වැළඳුණු රෝගියෙකු කල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

මෙලෙස මැලේරියා රෝගයට ගොදුරුව ඇත්තේ 21 හැවිරිදි කල්පිටිය, නොරොච්චෝලේ, ආලංකුඩාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර කියා සිටියේ පසුගිය මස 14 වනදා එම පුද්ගලයා අප්‍රිකානු රටක් වන කෙන්යාවේ සංචාරයක නිරතව මෙරටට පැමිණ දින 14ක් නිවස තුළම ස්වයං නිරෝධායනයට ලක්ව ඇති බවයි.

නිරෝධායනයට ලක්ව දින 3 කට පසුව උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මොහු මැලේරියා පරීක්ෂණයකට ලක් කර තිබෙනවා. ඒ අනුව මොහුට මැලේරියාව වැලදී ඇති බව ඊයේ තහවුරු වුණා.

මොහු මේ වනවිට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

1986 වසරෙන් පසුව මෙරට මැලේරියා රෝගියෙකු වාර්තා නොවුණ පසුබිමක් පැවතියද මේ වසරේ පළමු වරට මැලේරියා රෝගියෙකු වාර්තා වන්නේ මහනුවර ප්‍රදේශයෙන්.

මෙම තත්ත්වය මත විදේශයන් හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් කොරෝනා වෛරස් පරීක්ෂණයට මෙන්ම මැලේරියා පරීක්ෂණයටද යොමුකිරීම වැදගත් බවයි ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top