ඇඟළුම් සේවකයන්ට අප්‍රේල් මස වැටුප ගෙවීමට හාම්පුතුන් එකඟ වෙයි
Thursday, 02 April 2020 - 13:23 | Views - 10,323
ඇඟළුම් කර්මාන්තයේ නියැලී සිටින සේවක සේවිකාවන්ට මේ මස වැටුප සහ උත්සව අත්තිකාරම් මුදල් ගෙවීමට ඇඟළුම් නිෂ්පාදන සම්මේලනය සහ හාම්පුතුන්ගේ සම්මේලනය එකඟත්වය පළ කර ඇති බව රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ නව කොරෝනා වෛරසය මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි.
Share This Article