දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් හිමිකරුගේ පුත්‍රයාට කොරෝනා වැළඳී නොමැති බවට හෙලි වේ
Thursday, 02 April 2020 - 9:07 | Views - 1,078
ස්වසන අපහසුතා පෙන්නුම් කිරීම හේතුවෙන් අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කරනු ලැබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක හිමිකරුගේ පුත්‍රයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.
දඹුල්ල මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය අංශය සඳහන් කළේ කැස්ස, උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම නිසා ඔහු කළුන්දව රජයේ බෙහෙත් ශාලාවට ප්‍රතිකාර ලබාගැනීමට ගිය අවස්ථාවේදී සැකසහිත රෝග ලක්ෂණ හේතුවෙන් අනුරාධපුර රෝහලට ඇතුළත් කළ බවයි.
කෙසේ වෙතත් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ඔහුට වැළඳී ඇත්තේ සාමාන්‍ය ස්වසන ආබාධයක් බවයි.
මොහුගේ පියාට අයත් ව්‍යාපාරික ස්ථානයද ඊයේ විෂබීජහරණය කර ඇති අතර, සෙසු සේවකයන්ද ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබුණා.
Share This Article