රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් යෝජනාවක්
Thursday, 02 April 2020 - 8:13 | Views - 12,997
කොරෝනා වෛරසය පාලනය සඳහා නිසි ක්‍රියාමාර්ග නොගතහොත් එක් පුද්ගලයෙකුගෙන් මසක් ඇතුළත තවත් 406 දෙනෙකුට පැතිරීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රෝගීන් සියයට විස්සකට රෝග ලක්ෂණ මතු නොවන අතර, තවත් සියයට 60 කට ඉතා මද වශයෙන් රෝග ලක්ෂණ ඇතිවන බවයි.

එබැවින් සැබෑ වශයෙන්ම කොරෝනා වෛරසය වැළඳී රෝගය අන් අයට සම්ප්‍රේෂණය කරන පිරිසගෙන් සියයට 80 ක්ම රෝගය පතුරුවන බවට සොයාගැනීමට අපහසු කාණ්ඩයට අයත් බවද එහි සඳහන්.

එබැවින් ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයට මුහුණදීමේ ක්‍රමවේද කිහිපයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා කරනවා.

ඒ අනුව පුද්ගල සංචාරණ සීමා සියයට 80ක මට්ටමක පවත්වා ගෙන යාම, පරීක්ෂණ පහසුකම් වැඩි කිරීම, රෝග ප්‍රතිකාර කටයුතු සඳහා වෙන්වූ සුවිශේෂී රෝහල් ආරම්භ කිරීම එම යෝජනා අතර වනවා.

එමෙන්ම කොරෝනා රෝගීන් සඳහා විශේෂ රෝහලක් වෙන් කරන්නේ නම් ඇඳන් 700 කින් යුත් නවීනතම පහසුකම් වලින් සමන්විත රෝහලක් වන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ රෝහල ඊට වඩා සුදුසු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top