කොරෝනා වෛරසය ව්‍යාප්තිය සමග රටේ පවතින තත්වය පිලිබඳ රජය සහ එජාපය අතර සාකච්ඡාවක්
Wednesday, 01 April 2020 - 19:03 | Views - 717

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සමග රට තුල උද්ගතව ඇති තත්වය පිළිබඳ රජය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් අද පැවැත්වුනා.
ඊට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියට සැලසුම් කර ඇති වැඩපිළිවෙල ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ වශයෙන් පැහැදිළි කර තිබෙනවා.
මේවන විට වෛරසය ආසාදිත පිරිසෙන් බහුතරය නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳූනාගත් අය හෝ මීට පෙර වෛරසය වැළඳුනු පුද්ගලයන් සමීපව ඇසුරු කළ අය අතුරින් හෝ හඳූනා ගැනීම වෛරස් ව්‍යාප්තිය පාලනයට ඉමහත් පිටිවහලක් වූ බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සේවාවන්, ආහාර ද්‍රව්‍ය, ඖෂධ බෙදාහැරීමේ යාන්ත්‍රනය සහ කාර්ය සාධක බලකාය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල පිළිබඳව එහි ප්‍රධානී බැසිල් රාජපක්ෂ පැහැදිළි කළා.
දිවයිනේ හඳූනාගත් පවුල් හැටපන් ලක්ෂයෙන් පවුල් පනස්තුන් ලක්ෂයකට අප්‍රේල් 9 දිනට පෙර රුපියල් 5000 බැගින් ලබාදීමේ ක්‍රියාවලිය සිදු කෙරෙමින් පවතින බව ද ඔහු ප්‍රකාශ කළා.
වෛරස් ව්‍යාප්තිය මර්දනයට ගෙන යන වැඩපිළිවෙල සාමාන්‍ය ජන ජීවිතයට ඇතිවිය හැකි බාධා අවම වන අයුරින් සිදුවිය යුතුය යන්න දෙපාර්ශවයේම මතය වී තිබෙනවා.
වැඩපිළිවෙල නිර්දේශපාලනික විය යුතු බවටයි දෙපාර්ශවයම එකග වී ඇත්තේ.
රටේ ආර්ථික ක්‍රියාවලිය බිඳ නොවැටී අඛණ්ඩව පවත්වාගෙන යාම මෙන්ම රාජ්‍ය සේවකයන් ව්‍යාපාරිකයන් හා වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රජාව මෙන්ම දෛනිකව විවිධ රැකියාවල සහ ස්වයං රැකියාවල නිරතවූ පිරිස් මුහුණදී ඇති දුෂ්කරතා පිළිබඳව සහ ඒවාට දිය යුතු විසඳුම් පිළිබඳව ද දෙපාර්ශවයම අවධානය යොමු කර තිබෙනවා.
වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිද හමුදාව, පොලිසිය ඇතුලු සියලු ආරක්ෂක අංශවල කැපවීම ද ඇගයීමට සහ ප්‍රසාදයට ලක්වුනා.
දිස්ත්‍රික් වශයෙන් සිය පක්ෂ නියෝජිතයන් දැනුවත් කිරීමට ද සාකච්ඡාවට එක්වූ කණ්ඩායම එකඟ වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
පැය දෙකකට අධික කාලයක් පැවති සාකච්ඡාව ඉතා සුහදශීලීව සහ සාර්ථකව පැවැත්වුනු බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
Share This Article