පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට හෙට වැඩි උණුසුමක්
Wednesday, 01 April 2020 - 17:25 | Views - 1,841
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලට මෙන්ම මන්නාරම, වවුනියාව සහ මොණරාගල දිස්ත්‍රික්කවල හෙට දිනයේ වැඩි අවධානයක් යොමු කළ යුතු උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අදාළ ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය අංශ සිදුකර ඇති පූර්ව දැනුවත් කිරීම් අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර, අධික වෙහෙසකාරී කටයුතුවලින් වැළකී සිටිය යුතු බවයි.
Share This Article