අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරන අයට අනතුරු ඇඟවීමක්
Wednesday, 01 April 2020 - 13:58 | Views - 619
අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය, ද්වේශ සහගත ප්‍රකාශ පළ කර කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමට කැප වන රාජ්‍ය සේවකයින්ගේ රාජකාරියට බාධා කරන පුද්ගලයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව, රාජ්‍ය සේවකයින්ගේ සුළු අඩුපාඩු මතුකර පෙන්වමින් ඔවුන්ට බැණ තර්ජනය කරමින් අසත්‍ය හෝ ද්වේශ සහගත වීඩියෝ දර්ශන සහ වෙනත් පළ කිරීම් අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.
Share This Article