අධ්‍යාපනයටත් ජනපති කාර්ය සාධක බලකායක්
Wednesday, 01 April 2020 - 13:52 | Views - 1,332
මෙරට අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපනය කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පැවරී ඇති බලතල අනුව අදාල කාර්යය සාධක බලකාය ස්ථාපනය කර ඇති අතර ඊට අදාල ගැසට් නිවේදනය ඊයේ නිකුත් කෙරුණා.

මේ වනවිට උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රය කිසිදු අයුරකින් පසුබෑමකට ලක් නොවී අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමේ ක්‍රමවේදයන් යොදා ගැනීමේ අවශ්‍යතාවය අවධානයට ලක් කරමිනුයි මෙම කාර්යය සාධක බලකාය ස්ථාපිත කර ඇත්තේ.

මෙරට ප්‍රාථමික, ද්විතීක සහ තෘතියික අධ්‍යාපන ක්ෂේත්‍රයන් කාලීන අවශ්‍යතාවයන්ට උචිත වනසේ නවීකරණය කිරීම ද මෙහි අරමුණ වී තිබෙනවා.

උසස් අධ්‍යාපන, තාක්ෂණය හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඞී.එම්.ඒ.ආර්.බී දිසානායකගේ සභාපතීත්වයෙන් යුතු කාර්ය සාධක බලකාය සඳහා සාමාජිකයින් 26 දෙනෙකු ඇතුලත්.

මේ අතර ඇදිරි නීති අඛණ්ඩව ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු නාගරික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා අද දිනයේත් ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශ ආවරණය වන පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම ලංකා සතොස සහ සුපිරි වෙළදසැල් මගින් සිදුකෙරෙන බවයි අභ්‍යන්තර, වෙළද, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශය සදහන් කළේ.

ඖෂධ බෙදා හැරීමේ කටයුතු ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ අනෙකුත් පෞද්ගලික ඔසුසැල් මගින් අඛන්ඩව සිදුකරනු ලබනවා.

අත්‍යාවශ්‍ය භාණ්ඩ නොලැබුණු ප්‍රදේශ ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දෙන ලෙසයි එම අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙන්නේ.

එමෙන්ම යාපනය දිස්ත්‍රික්කයට අයත් අනලතිව්, නාගදීප ඇතුළු දූපත්වල ජනතාවට පානීය ජලය, වියළි සලාක සහ ආහාර බෙදා දීම නාවික හමුදාව මගින් සිදුකරනු ලබනවා.

ඇදිරි නීතිය රට තුළ ක්‍රියාත්මක කිරීමට ආරම්භ කළ අවස්ථාවේ සිට අඛන්ඩව එලෙස ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු සිදුකරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

එමෙන්ම, සමෘද්ධි සහනාධාරලාභීන්ට පිරිනමන රුපියල් 10,000 ක සහන ණය මුදල සමෘද්ධි සංවර්ධන නිලධාරින් සහ ප්‍රජා මූල සංවිධානයන්හි නිලධාරින් විසින් ග්‍රාම නිලධාරිවරයා හරහා ලබා දෙන බැවින් ඇදිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල ජනතාව සමෘද්ධි බැංකු වෙත නොපැමිණෙන ලෙස සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මේ යටතේ සමෘද්ධි ප්‍රතිලාභී පවුල් ලක්ෂ 20 කට ආසන්න සංඛ්‍යාවකට සහන සැලසෙන අතර, ඒ සදහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 20,000 ක්.

මේ අතර, නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ හෙට සහ අනිද්දා දිවයින පුරා සීමිත උසාවි සංඛ්‍යාවක් විවෘතව පවතින බවයි.

එමගින් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීම් සහ ඇප අයදුම් කිරීම් සිදුකරන අතර ඊට අදාළ නීතිඥවරුන් තමන් අධිකරණයට පැමිණෙන බවට දැන්විය යුතු වනවා.

එමෙන්ම, තම නීතිඥ හැදුනුම්පත ඇදිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි අතර, ඒ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන ද දැනුවත් කළ යුතු බවයි එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top