ලෝක ආධාර ආයතන වෙත ජනපතිගෙන් ඉල්ලීමක්
Wednesday, 01 April 2020 - 13:50 | Views - 1,544
සංචාරක ව්‍යාපාරය, විදේශ ආයෝජන වැනි ක්ෂේත්‍ර මත රදා පවතින ආර්ථිකයන් සහිත ශ්‍රී ලංකාව වැනි අවදානමට පත් සංවර්ධනය වන රටවලට සහන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලීමක් කර තිබෙනවා.
ඊයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඞ්රොස් ඇඩනම් සමග පැවති දුරකථන සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
විශේෂයෙන් ණය අත්හිටුවීමට, ණය නැවත පෙළ ගැස්වීමට හෝ ඉඩ ලබා දෙන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්යක්ෂ, ලෝක බැංකු සභාපති, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සහ ද්වීපාර්ශවික ණය සපයන මුල් පෙලේ රටවලට නායකයින් එකග කර ගන්නා ලෙස ද මෙහිදී ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා.
Share This Article