නිව්යෝක් නුවරදී ශ්‍රී ලාංකික කාන්තාවක් කොරෝනා වැළදී මියගොස් ඇති බවට තොරතුරු
Wednesday, 01 April 2020 - 13:48 | Views - 2,616
ඇමරිකාවේ නිව්යෝක් නුවර ජිවත් වූ ශ්‍රී ලාංකික කාන්තාවක් කොරෝනා වෛරසය වැළදීමෙන් මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

84 හැවිරිදි වියේ පසුවන ඇය කඩවත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව සදහන්.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අප විදේශ සබදතා අමාත්‍යාංශයෙන් විමසීමක් කළ අතර, එහි ප්‍රකාශිකාවක් සදහන් කළේ තවමත් අදාළ සිද්ධිය තහවුරු කළ නොහැකි බවයි.

මේ අතර, කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය ඇමරිකානුවන් සංඛ්‍යාව අද දිනයේ 4000 ඉක්මවා තිබෙනවා.

පසුගිය සෙනසුරාදා 2031ක්ව පැවති එම අගය දින දෙකක් තුලදී දෙගුණයක් දක්වා ඉහල යාම විශේෂත්වයක්.

ධවල මන්දිරය ප්‍රකාශ කළේ කොරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකානුවන් දෙලක්ෂ 40,000ක් පමණ මිය යනු ඇති බවයි.

ඊයේ එහි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉදිරි සති දෙකක කාලය ඉතා වේදනාකාරී විය හැකි බව සඳහන් කළා.

එමෙන්ම, ඇමරිකාවේ ලෝක ප්‍රකට සංගීතඥයෙකු මෙන්ම ට්‍රම්පට් වාදන ශිල්පියෙකු වන වැලෙස් රොනී ද කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් තිබෙනවා.

මේ වනවිට ඇමරිකාවේ ජනගහනයෙන් සියයට 80 ක් පමණ සිය නිවෙස්වලට වී එදිනෙදා කටයුතු සිදුකරන බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම, බොහෝ රෝහල්වල බෙහෙත් හිගයක් පවතින බව ද විදෙස් වාර්තා සදහන් කළා.

මේ අතර, සී.එන්.එන්. මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එමෙන්ම, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් නිරීක්ෂණය කිරීම සඳහා මොස්කව් නුවර රෝහලකට ගිය අවස්ථාවේ ඔහුට හමුවූ එම රෝහලේ වෛද්‍යවරයෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

එහිදී අදාළ වෛද්‍යවරයා ජනාධිපති පුටින්ට අතට අත දී කතා කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, ජනාධිපති පුටින් ද නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට නිරන්තරයෙන් භාජනය වෙමින් සිටිනවා.   

එමෙන්ම, බ්‍රසීලයේ ජනාධිපතිවරයාට එරෙහිව එරට ජනතාව විරෝධතා සිදුකරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පැවතිය ද රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ නොදී කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා සිදුකරන ලද ප්‍රකාශයන්ට එරෙහිවයි ඔවුන් මෙලෙස විරෝධතා දක්වන්නේ.

මේ අතර, ඉන්දියාව තුළ වෛද්‍ය උපකරණ හිගයක් පවතින පසුබිමක ඔවුන් විසින් සයිබීරියාවට ටොන් 90 ක වෛද්‍ය උපකරණ ලබාදී තිබෙනවා.  

මේ අතර, ලෝකය පුරා මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති සංඛ්‍යාව අටලක්ෂ 59,796 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළා.

මියගිය සංඛ්‍යාව 42,341 ක් වන අතර, සුවය ලැබූ සංඛ්‍යාව එක්ලක්ෂ 78,359 ක්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top