මීගමුවේ මියගිය පුද්ගලයා ඇසුරු කළ 43 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට
Wednesday, 01 April 2020 - 13:46 | Views - 833
කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරටදී මියගිය මීගමුවේ පදිංචි පුද්ගලයාගේ ඥාතීන් සහ ඔහු ඇසුරු කළ පුද්ගලයන් 43 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙනවා.

යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කළේ අද සිට ඔවුන්ගේ නිරෝධායන කාල සීමාව ආරම්භ වන බවයි.

මේ අතර, මේ වනවිට වසා දමා ඇති බණ්ඩාරගම - අටලූගම සහ මහනුවර - අකුරණ ප්‍රදේශවල නිරෝධායන කටයුතු ආරක්ෂක අංශවල පූර්ණ අධීක්ෂණය යටතේ තවදුරටත් සිදුකෙරෙනවා.

කෙසේ වෙතත්, එම ප්‍රදේශ වසා දැමුණ ද ස්වයං නිරෝධායනය කඩ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන බවයි යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.

මේ අතර, වසා දමා ඇති බණ්ඩාරගම - අටලූගම ප්‍රදේශයට දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ අත්‍යාවශ්‍ය ආහාර ලබාදීම මේ වනවිට සිදුකරමින් පවතින බව වාර්තා වනවා.

එමෙන්ම, කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග තාවකාලිකව වසා දැමුණු අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ද, තවමත් හුදකලා කර තිබෙනවා. අකුරණ ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා කුමාරි අබේසිංහ සදහන් කළේ ජනතාවට අවශ්‍ය සියලූම පහසුකම් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් යටතේ ලබාදීමට කටයුතු කරන බවයි.

එමෙන්ම, ස්වයං නිරෝධායනයට යොමුකර හැටන් - දික්ඔය - දරවලවත්ත ප්‍රදේශයට ද තවදුරටත් පොලිස් ආරක්ෂාව ලබාදී තිබෙනවා.

දරවලවත්ත ප්‍රදේශයේ යාච්ඥා මධ්‍යස්ථානයකට දේවගැතිවරයෙකු පසුගිය මස 12, 13 සහ 14 යන දිනවලදී දේව මෙහෙයක් පැවැත්වීමේ සිද්ධියත් සමගයි එම ප්‍රදේශවල පදිංචිකරුවන් 200 කට ආසන්න සංඛ්‍යාවක් මෙලෙස මෙම ස්වයං නිරෝධායනයට ලක් කර ඇත්තේ.

මේ අතර, කොවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ පස් දෙනෙකු තවදුරටත් අයි.ඞී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වංසගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇත්තේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 143 දෙනෙකු වන අතර, අයි.ඞී.එච් රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගීන් දෙදෙනෙකු අද දිනයේ පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙතෙක් රෝගය සුවවී නිවෙස් වෙත පිටත්ව ගිය රෝගීන්ගේ සංඛ්‍යාව 18 ක්.

මේ අතර, මාර්තු 16 වනදායින් පසු විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින්ට පොලීස් ස්ථාන තුළ ලියාපදිංචි වීම සඳහා ලබාදී තිබූ කාලය අද දහවල් 12 ට අවසන් වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top