ලෙබනනයේ නීතිවිරෝධීව සිටින ශ්‍රී ලාංකිකයින්ට පොදු සමා කාලයක්
Wednesday, 01 April 2020 - 10:05 | Views - 842
ලෙබනනයේ නීතිවිරෝධීව රැදී සිටින ශ්‍රී ලාංකිකයින්ට කොන්දේසි සහිත පොදු සමා කාලයක් ලබාදීමට එරට රජය එකඟත්වය පළ කර තිබෙනවා.
එරට සේවය කරන නමුත්, නීත්‍යානුකූළ ලියකියවිලි නොමැති ශ්‍රී ලාංකිකයින්ට සිය කැමැත්ත මත මෙම පොදු සමා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව හිමිවනු ඇති.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් පසුගිය මාර්තු 15 වනදා සිට අප්‍රේල් 12 දක්වා ලෙබනනය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර, ශ්‍රමිකයින් සියලු තොරතුරු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විද්‍යුත් ලිපිනයට හෝ වට්ස්ඇප් අංකයට යොමු කිරීමට කටයුතු කළ යුතු බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.
Share This Article