රනිල් ඇතුළු පිරිසක් අද ජනපති හමුවේ
Wednesday, 01 April 2020 - 8:14 | Views - 1,672
රට තුළ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ ඇතුළු පිරිසක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිතයි.
පෙරවරුව 10ට පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂ නායකයාට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන රවී කරුණානායක, දයා ගමගේ, සහ වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් එක්වීමට නියමිතයි.
රට තුළ පැතිර යන කොරෝනා වසංගතයත් සමග උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී අවදානය යොමු කරනු ඇති.
මේ අතර, අග්රාමාත්ය මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් හෙට දිනයේදී පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.
කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇත්තේ.
ඒ අනුව හෙට පෙරවරු 10 ට අරලියගහ මන්දිරයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
Share This Article