රනිල් ඇතුළු පිරිසක් අද ජනපති හමුවේ
Wednesday, 01 April 2020 - 8:14 | Views - 1,673
රට තුළ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිතයි.

පෙරවරුව 10ට පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂ නායකයාට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, දයා ගමගේ, සහ වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් එක්වීමට නියමිතයි.  

රට තුළ පැතිර යන කොරෝනා වසංගතයත් සමග උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී අවදානය යොමු කරනු ඇති.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේදී පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇත්තේ.

ඒ අනුව හෙට පෙරවරු 10 ට අරලියගහ මන්දිරයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top