බස්නාහිර පළාත සහ පුත්තලම, මහනුවර සහ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවලට පැය 8 කට ඇඳිරි නීතිය ඉවත් වෙයි
Wednesday, 01 April 2020 - 8:08 | Views - 1,116
කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන හයට තාවකාලිකව ඉවත් කළා.
එය යළි පස්වරු දෙකට පනවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය ඇඳිරි නීතිය ඉවත් කළත් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.
එසේම අනුමත සේවා හැඳුනුම්පත් හෝ ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව ගමන් කරන පුද්ගලයන් සහ වාහන සියල්ල අත්අඩංගුවට ගන්නා බව පොලීසිය ප්‍රකාශ කළා.
මීට අමතරව එලෙස අත්අඩංගුවට ගන්නා වාහන ද කොරෝනා වසංගත තත්ත්වය පහව යන තෙක් රදවා තබා ගැනෙනු ඇති.
Share This Article