සෞඛ්‍යාරක්ෂිතව කටයුතු නොකළහොත්, කොරෝනා වර්ධනය වීමේ අවදානමක්
Tuesday, 31 March 2020 - 13:18 | Views - 765
ජනතාව, සෞඛ්‍ය උපදෙස්වලින් තොරව කටයුතු කරන්නේ නම් ඉදිරි දින කිහිපයේදී කොරෝනා වෛරසය සමාජය තුළ පැතිරීමේ ප්‍රවණතාවක් මතු විය හැකි බව ද යුද හමුදාපතිවරයා අවධාරණය කළා.

කොවිඩි නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් 122 සීමාවේ පවතිනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් පස් දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වූ බවයි.

එසේම කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් 16 දෙනෙකු දැනට පූර්ණ සුවය ලබා සිය නිවෙස් වෙත ගොස් තිබෙනවා.

මීට අමතරව තවත් පුද්ගලයින් 104 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර,  විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු තවත් පුද්ගලයින් 315 දෙනෙකු අද පෙරවරුවේ යළි ඔවුන්ගේ නිවෙස් වෙත පිටත්ව ගියා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වන්නි කඳවුරේ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ 206 දෙනෙකු, වව්නියාව - පෙරියකාඩු යුද හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 104 දෙනෙකු සහ පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ 5 දෙනෙකු අද නිරෝධයන කටයුතු අවසන් කළ පිරිසට අයත්.

යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළේ විදෙස් රටවල සිට මෙරටට පැමිණි මෙම පිරිස නිරෝධායනයට ලක් කිරීමෙන් පසු හමුදාවට අයත් බස් රථ මගින් ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර යැවූ බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top