උපත් - මරණ ලියාපදිංචියට කලබල වෙන්න එපා - රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි
Tuesday, 31 March 2020 - 8:10 | Views - 981
ඇදිරි නීතිය ක්‍රියාත්මක අවස්ථාවේදී අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ උකස් ඔප්පු, ලියාපදිංචි කිරීම් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට විශේෂ දුරකථන අංක 4 ක් හදුන්වාදී තිබෙනවා.

ඒ අනුව 070 15 88 433, 071 348 32 38, 071 448 55 64 හෝ 070 38 99 535 යන දුරකථන අංක ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකියි.

මේ අතර, 1951 අංක 17 දරණ උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ පනත අනුව උපතක් සිදුවී මාස 3 ක් ඇතුළත උපත් හා මරණ රෙජිස්ට්‍රාර් මගින්ද ඉන් පසුව උපත සිදුවූ ස්ථානය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ද ලියාපදිංචි කිරීමේ හැකියාව පවතිනවා.

එම නිසා උපත් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙසයි රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

එමෙන්ම, මරණ ලියාපදිංචි කිරීමේ කටයුතු  සම්බන්ධයෙන් ද සියළු පළාත් පාලන ආයතන දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව, උපත් හා මරණ රෙජිස්ටාර් විසින් නිකුත් කරනු ලබන වාර්තාව හෝ මහේස්ත්‍රාත්, හදිසි මරණ පරීක්ෂක විසින් නිකුත් කරනු ලබන සහිතකය හෝ රෝහල් මරණ ප්‍රකාශය ලබා ගෙන අවසන් කටයුතු සිදුකිරීමට හැකියාව පවතින බවයි රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top