ඇමරිකාවේ කොරෝනා මරණ ලක්ෂයකට සීමා කරන්න, ට්‍රම්ප් අපේක්ෂාවෙන්
Monday, 30 March 2020 - 20:16 | Views - 1,246
ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මේ වන විට හත්ලක්ෂ 38,000කට ආසන්න වී ඇති අතර, මරණ සංඛ්‍යාව 35,000 ඉක්මවා තිබෙනවා.

ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් එනම්, 10,779ක් ඉතාලියේ ද, මරණ 7340ක් ස්පාඤ්ඥයෙන් ද වාර්තා වන අතර, වැඩිම ආසාදිත සංඛ්‍යාවක් එනම්, එක්ලක්ෂ 43,000 ඉක්ම වූ පිරිසක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.

එරටින් කොවිඞ් නයින්ටීන් මරණ 2500ක් පමණ මේ වන විට වාර්තා වී තිබෙනවා.

මෙම තත්ත්වය යටතේ වෛරසයේ ව්‍යාප්තිය මැඩලීම සඳහා ඇමරිකානු මධ්‍යම රජය ක්‍රියාත්මක කරන සීමාවන් අප්‍රේල් 30 වන දා දක්වා දීර්ඝ කිරීමට ද ජනපති ට්‍රම්ප් තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ධවල මන්දිරයේ වෛද්‍ය උපදේශක, වෛද්‍ය ඇන්තනි ෆවුකි අනතුරු අගවා ඇත්තේ කොවිඞ් නයින්ටීන් වෛරසයෙන් ඇමරිකානුවන් දෙලක්ෂයක් පමණ මිය යාමේ අවදානමක් පවතින බවයි.

මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන්ට වෛරසය ආසාදනය විය හැකි බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ජනපති ට්‍රම්ප් ද මෙම තත්ත්වය වටහා ගෙන ඇති අතර, ඔහු කියා සිටියේ මරණ සංඛ්‍යාව ලක්ෂයකට අඩුවෙන් සීමා කිරීම ද වැදගත් වර්ධනයක් බවයි.

එමෙන්ම, ඉදිරි සති දෙක තුළ ඇමරිකාවේ කොවිඞ් නයින්ටීන් මරණ සංඛ්‍යාව උපරිම මට්ටමකට පැමිණිය හැකි බව ජනපති ට්‍රම්ප් ද ප්‍රකාශ කර තිබෙනවා.  

මැලේසියාව, ඉන්දුනීසියාව, සෞදි අරාබිය සහ කිරිගිස්ථානය ආදී රටවල නියෝජිතයන් සමඟ නවදිල්ලියේ නිසමුද්දීන් ප්‍රදේශයේ පැවති මුස්ලිම් ආගමික සමුළුවකට සහභාගි වූ 2000කට අධික පිරිසක් නිරෝධායනය කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඉන් කොවිඞ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන 175 දෙනෙකු රෝහල්ගත කර අධීක්ෂණය කරන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

මේ වන විට ඉන්දියාවේ කොවිඞ් නයින්ටීන් ආසාදිත සංඛ්‍යාව 1071 දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් මරණ 29ක් ද වාර්තා වුණා.

දින 21ක නිරෝදායන කාලයක් ප්‍රකාශයට පත් කළ ද ඇතැම් පිරිස් තවමත් මහා මාර්ග ඔස්සේ පා ගමනින් ගම්බිම් බලා ඇදෙන බව සඳහන්.

මේ අතර,  කොරෝනා වෛරසය ගැන ඉන්දියානුවන් දැනුවත් කිරීම සඳහා ඉන්දීය පොලිස් පරීක්ෂකවරයෙකු නව අත්හදා බැලීමක් සිදුකර තිබෙනවා.

කොරෝනා වෛරසයේ හැඩයෙන් යුත් හිස් වැස්මක් පැළඳ චෙන්නායි නුවර වීථි ඔස්සේ සැරි සැරූ ඔහු පිළිබදව මේ වන විට සමාජ මාධ්‍ය තුළ ඇති වී තිබෙන්නේ විශාල ආන්දෝලනයක්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top