ඇල්පිටියේ අවන්හලක දෙපිරිසක් අතර ගැටුමකින් පුද්ගලයෙකු මරුට
Monday, 24 February 2020 - 10:22 | Views - 949
ඇල්පිටිය - ඉහළ ඇල්පිටිය ප්රදේශයේ අවන්හලකදී දෙපිරිසක් අතර හටගත් බහින්බස්වීමක් දුරදිගයාමෙන් ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
ඊයේ රාත්රියේ හටගත් මෙම ගැටුමින් මියගොස් ඇත්තේ අවුරුදු 27ක් වයසැති එම ප්රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සෙසු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්රියාත්මකයි.
Share This Article