ඡන්දයට යන්නේ වෛරක්කාරයන්ගෙන් රට බේරාගැනීමට බව අගමැති කියයි
Monday, 24 February 2020 - 9:51 | Views - 808

ඡන්දයට යන්නේ වෛරක්කාරයන්ගෙන් රට බේරාගැනීමට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - හම්බන්තොට කොටස ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - ගොඩගම සිට හම්බන්තොට දක්වා කොටස ජනතා අයිතියට පත් කිරීමේ නිළ උත්සවය ආරම්භ වූයේ ගොඩගම - පාලටුව පිවිසුම ආසන්නයෙන්.
එහිදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අධිවේගී මාර්ගය විවෘත කිරීම වෙනුවෙන් සමරු ඵලකයක් නිරාවරණය කළා.
ඉන් අනතුරුවයි සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කෙරුණේ.
මේ අතර, ඊයේ ජනතා අයිතියට පත් කළ මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගය වාහන ගමනාගමනය සඳහා විවෘත වන්නේ හෙට දිනයේ වන අතර, බස් රථ ධාවනයද ආරම්භ කරනු ලබන්නේ හෙට පෙරවරුවේ සිටයි.
ඒ අනුව හම්බන්තොට සිට කොළඹ කොටුව දක්වා බස් රථ ප්‍රවේශ පත්‍රයක ගාස්තුව රුපියල් 880ක් වන අතර, තංගල්ල සිට කොළඹ කොටුව දක්වා ගාස්තුව රුපියල් 680ක්.
හම්බන්තොට සිට කොට්ටාව - මාකුඹුර දක්වා රුපියල් 810ක ගාස්තුවක් අය කෙරෙන අතර තංගල්ල සිට මාකුඹුර දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 610ක්.
Share This Article