"හායි කොහොමද? මම වියෝමිත්‍රා. ඉන්දියාවේ පළමු මානවරූපී අර්ධ රොබෝවරිය මමයි" - ඉන්දියාව අභ්‍යවකාශයට යවන්න හදන රොබෝවරිය - Photos
Sunday, 23 February 2020 - 17:37 | Views - 654
ඇයට භාෂා දෙකක් හොඳින් කතා කිරීමට පුළුවන්......

මට පුළුවන් ගගනගාමීන් හඳුනා ගන්න. ඔවුන්ට සහාය වෙන්න......
 
අසල්වැසි ඉන්දියාව, තව වසර දෙකකින්, එනම් 2022 වසරේ දී, ගගනගාමීන් යොදා ගනිමින් අභ්‍යවකාශ මෙහෙයුමකට සූදානම් වෙයි. ඊට පෙරමඟ සකස් කිරීමක් ලෙස මානවරූපී රොබෝවකු අභ්‍යවකාශයට යවන බව ‘ඉස්රෝ’ කියයි. ‘ඉස්රෝ’ යනු ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය කෙටියෙන් හැඳින්වෙන නාමයයි. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයට මෙය ලොකු පිම්මකි. මානවරූපී රොබෝ තරුණියකි. ඇය නම් කර ඇත්තේ ‘වියෝමිත්‍රා’ යනුවෙනි.

‘වියෝමිත්‍රා’ අර්ධ රොබෝවෙකි. නිර්මාණය කර ඇත්තේ ඉනෙන් ඉහළ කොටස පමණය. පාද නැත. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය ‘වියෝමිත්‍රා’ අභ්‍යවකාශයට යැවීමට සූදානම් වෙන්නේ මෙම වසර අවසානයේ එනම් ලබන දෙසැම්බරයේය.

පෙනුමින් තරුණියක වැනි වුණත්, පාද නැතත්, ඇවිදීමට නොහැකි වුණත්, ‘වියෝමිත්‍රා’ ට කළ හැකි දේ බොහොමය. ඇයට භාෂා දෙකක් හොඳින් කතා කිරීමට පුළුවනි. මිනිසුන්ගේ මුහුණු හඳුනා ගැනීමට හැකිය. ප්‍රශ්නයක් ඇහුවොත්, පණ ඇති තරුණියක මෙන්, ඊට තර්කානුකූලව පිළිතුරු දිය හැකිය. දෙසැම්බරයේ ‘වියෝමිත්‍රා’ අභ්‍යවකාශයට යැවෙන්නේ තනිවමය. ඇයට පර්යේෂණ කීපයක් සිදු කිරීමට පැවැරෙනු ඇත. 2022 වසරේ දී ඉන්දීය ගගනගාමීන් අභ්‍යවකාශයට යැවීමට පෙරමඟ සකස් කිරීමක් ලෙස මෙම පර්යේෂණ ඉවහල් වනු ඇති බව ‘ඉස්රෝ’ පෙන්වා දෙයි. 

පසුගිය දා ‘ඉස්රෝ’ විද්‍යාඥයන් මාධ්‍ය හමුවක් කැඳවීය. ඒ, ‘වියෝමිත්‍රා’ හඳුන්වා දීමට ය. ඉන්දීය මාධ්‍යවේදීන් පමණක් නොව, විදෙස් මාධ්‍යවේදීහු ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ. ‘වියෝමිත්‍රා’ හඳුන්වා දීම අපූරු අත්දැකීමක් විය. ‘හායි කොහොමද? මම වියෝමිත්‍රා. ඉන්දියාවේ පළමු මානවරූපී අර්ධ රොබෝවරිය මමයි’ යැයි මාධ්‍යවේදීන් හමුවේ, ‘වියෝමිත්‍රා’ පැවැසුවාය. ‘මට පුළුවන් ඔබට සහාය වෙන්න. මට පුළුවන් ගගනගාමීන් හඳුනා ගන්න. ඔවුන්ට සහාය වෙන්න. ඔවුන්ගේ භාෂා පරිවර්තිකාවක වෙන්න’ යැයි ‘වියෝමිත්‍රා’ මාධ්‍ය හමුවේ පැහැදිලි කළාය. 

"ලංකාදීප"
ලුසිත ජයමාන්න 


 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top