ඉතාලියෙන් කොරෝනා වෛරස් දෙවන මරණයත් වාර්තාවෙයි - නගර 10 ක් වසා දැමේ
Sunday, 23 February 2020 - 15:15 | Views - 1,428

කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ දෙවන මරණය ද වාර්තාවී තිබෙනවා.
පළමු මරණය පසුගිය බ්‍රහස්පතින්දා වාර්තාවූයේ උතුරු ඉතාලියේ මිලාන් නුවරට කිලෝමීටර 50ක් පමණ දකුණු දෙසින් වූ ප්‍රදේශයෙන්.
එහිදී 76 හැවිරිදි කාන්තාවක් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.
තවත් 78 හැවිරිදි පුද්ගලයෙකු පාදුවා නුවර රෝහලකදී සිකුරාදා රාත්‍රියේ මියගොස් තිබෙනවා.
ඔහුගේ බිරිඳ සහ දියණියද ඉතාලියේ වෙනීටෝ ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදනය වූ 17 දෙනාට ඇතුළත්.
මේ හේතුවෙන් වැනිසියේ වාර්ෂික සැණකෙළියද අත්හිටුවීම පිළිබඳව සංවිධායකයන්ගේ අවධානය යොමුව තිබෙනවා.
යාබද ලොම්බාඩි ප්‍රදේශයෙන්ද ආසාදිතයන් 54 ක් වාර්තාවන අතර, ඉතාලියේ මුළු ආසාදිත සංඛ්‍යාව 80ක්.
යුරෝපයේ විලාසිතා අගනගරය ලෙස සැළකෙන මිලියන 1.4ක ජනගහණයක් වෙසෙන මිලාන්හි අද පැවැත්වීමට නියමිතව තිබූ විලාසිතා දැක්මද කල්දැමීමට සුප්‍රකට නිර්මාණ ශිල්පී ජියෝජියෝ ආමානි තීරණය කර තිබෙනවා.
යුරෝපයේ කොරෝනා වෛරස් අවදානමට වැඩි වශයෙන්ම මුහුණදෙන ඉතාලිය එය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා නව පියවර රැසක් ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව උතුරුදිග ලොම්බාඩි සහ වෙනීටෝ ප්‍රදේශවල ජනතාවට ඉන් පිටවීමට හෝ පිටතින් පුද්ගලයන්ට එහි ඇතුලූවීමට නොහැකි බවයි වාර්තාවන්නේ.
එහිදී උතුරුදිග කලාපයේ නගර 10ක 50,000 කට වැඩි පිරිසකට සිය නිවෙස්වලට වී සිටින ලෙස උපදෙස් දී ඇති බව සඳහන්.
එම ප්‍රදේශවල පාසල් වසා දමා ඇති අතර, ක්‍රීඩා ක්‍රියාකාරකම්ද අත්හිටුවනු ලැබුවා.
අද පැවැත්වීමට නියමිතව තිබූ මුල් පෙළේ පාපන්දු තරග 3ක් ද අවලංගු කර තිබෙනවා.
නව රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වුවහොත් පොලීසියට අමතරව සන්නද්ධ හමුදා යෙදවීමටද සූදානම් බවයි ඉතාලි බලධාරීන් ප්‍රකාශ කළේ.
මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 2461 දක්වා ඉහළ ගොස් ඇති අතර, ගෝලීය මුළු ආසාදිත සංඛ්‍යාව 78,767ක්.
චීනයෙන් පිටත වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් එනම්, ආසාදිතයන් 556 ක් වාර්තාවන්නේ දකුණු කොරියාවෙන්.
දකුණු කොරියාවෙන්ද තවත් කොරෝනා වෛරස් මරණ දෙකක් වාර්තාවන අතර, ඒ අනුව එරටින් වාර්තාවන මුළු මරණ සංඛ්‍යාව 4 දක්වා ඉහළ යනවා.
නව ආසාදිතයන් 123 දෙනෙක් ගතවූ පැය 24 තුළ දකුණු කොරියාවෙන් වාර්තාවී තිබෙනවා. ද
කුණු කොරියාවේ දකුණු දිග ඩේගු නුවර ෂින්චෙයොන්ජි ජේසු දෙව් මැදුර ආශ්‍රිතවයි වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ.
Share This Article