දකුණු කොරියාවෙන් පැය 24ක් තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 142ක්
Saturday, 22 February 2020 - 9:32 | Views - 468
කොවිඩ් නයිටීන් හෙවත් කොරෝනා වෛරසයේ නව ආසාදිතයන් එකසිය හතලිස් දෙදෙනෙකු දකුණු කොරියාවෙන් ඊයේ වාර්තා වී ඇති අතර ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව 346ක් දක්වා ඉහළ යනවා.
දකුණු කොරියාවෙන් කොරෝනා වෛරස් මරණ දෙකක් ද වාර්තා වුණා. පසුගිය සිකුරාදා සන්ධ්‍යාව වන විට වාර්තා වූ දකුණු කොරියාවේ නව ආසාදිතයන් 100 දෙනෙකුගෙන් 85 දෙනෙකුම දකුණුදිග ඬේගු නුවර ෂින්චෙයොන්ජි ජේසු දෙව් මැදුරට සම්බන්ධ වූවන් වීම විශේෂත්වයක්.
දකුණු කොරියාවේ 4 වන විශාලතම නගරය වන මිලියන 2.5ක ජනගහනයක් සහිත ඬේගු නුවර නගරාධිපතිවරයා ජනතාවට නිවෙස්වලට වී සිටින ලෙස උපදෙස් ලබාදුන් අතර එහි ඇමරිකානු හමුදා කදවුරුවල ප්‍රදේශය සීමා කර තිබෙනවා.
මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස් මරණ 2359ක් වාර්තා වන අතර, ඉන් මරණ 2344ක්ම වාර්තා වන්නේ චීනයෙන්.
චීනයෙන් පිටත වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම්, 635 දෙනෙකු ජපානයේ ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවෙන් වාර්තා වන අතර, චීනය හැරුණු කොට රටක් ලෙස වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්.
Share This Article