දකුණු කොරියාවෙන් පැය 24ක් තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 142ක්
Saturday, 22 February 2020 - 9:32 | Views - 469
කොවිඩ් නයිටීන් හෙවත් කොරෝනා වෛරසයේ නව ආසාදිතයන් එකසිය හතලිස් දෙදෙනෙකු දකුණු කොරියාවෙන් ඊයේ වාර්තා වී ඇති අතර ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව 346ක් දක්වා ඉහළ යනවා.

දකුණු කොරියාවෙන් කොරෝනා වෛරස් මරණ දෙකක් ද වාර්තා වුණා. පසුගිය සිකුරාදා සන්ධ්‍යාව වන විට වාර්තා වූ දකුණු කොරියාවේ නව ආසාදිතයන් 100 දෙනෙකුගෙන් 85 දෙනෙකුම දකුණුදිග ඬේගු නුවර ෂින්චෙයොන්ජි ජේසු දෙව් මැදුරට සම්බන්ධ වූවන් වීම විශේෂත්වයක්.

දකුණු කොරියාවේ 4 වන විශාලතම නගරය වන මිලියන 2.5ක ජනගහනයක් සහිත ඬේගු නුවර නගරාධිපතිවරයා ජනතාවට නිවෙස්වලට වී සිටින ලෙස උපදෙස් ලබාදුන් අතර එහි ඇමරිකානු හමුදා කදවුරුවල ප්‍රදේශය සීමා කර තිබෙනවා.

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස් මරණ 2359ක් වාර්තා වන අතර, ඉන් මරණ 2344ක්ම වාර්තා වන්නේ චීනයෙන්.

චීනයෙන් පිටත වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම්, 635 දෙනෙකු ජපානයේ ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවෙන් වාර්තා වන අතර, චීනය හැරුණු කොට රටක් ලෙස වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top