ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි විෂය භාර ඇමති ඉල්ලයි
Saturday, 22 February 2020 - 9:01 | Views - 619
පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
මේ අතර, පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හොත් ඉදිරියේදී පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුවන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පෙන්වා දෙනවා.
එම මණ්ඩලය සඳහන් කළේ ඒ අනුව උස් බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්ත්වයන් ඇතිවිය හැකි බවයි.
Share This Article