කවුරු හරි මාව මරන්න - රෝගයකින් පීඩා විඳින දරුවෙක් කළ ඉල්ලීම සමාජ මාධ්‍ය කළඹයි | Video
Friday, 21 February 2020 - 20:16 | Views - 886

තම පුතාට හිරිහැර කිරීමෙන් ඇති විය හැකි විනාශකාරී ප්‍රතිපල පිළිබඳව ඕස්ට්‍රේලියානු මවක් කරන විස්තරයක් සමාජ මාධ්‍යවල සැරිසරමින් පවතිනවා.

අචොන්ඩ්‍රොප්ලාසියා [Achondroplasia] රෝගයෙන් උපත ලැබූ යාරාකා බේල්ස්ගේ [Yarraka Bayles] පුත් ක්වාඩන් බේල්ස් [Quaden Bayles] ට , පාසලේ තවත් දරුවෙකු ඔහුගේ උස ගැන නින්දා කිරීමෙන් පසුව ඔහුගේ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් මාධ්‍යවල සැරිසරමින් පවතිනවා.

9 හැවිරිදි ක්වාඩන් කඳුළු සලමින් මෙසේ පවසයි. “මගේ හදවතට පිහියෙන් ඇනීමට මම ප්‍රාර්ථනා කරමි. කවුරුහරි මාව මරනවාට මම කැමතියි. ”

තම කුඩා පුතුගේ සියදිවි නසාගැනීමේ උත්සාහය ඔහුට හිරිහැර  හිරිහැර කිරීම නිසා සිදුවූවක් බව පවසන මව ඒ  පිළිබඳව ලොව දැනුවත්වීම හා  වෙනත් දෙමව්පියන් දැනගැනීම අවශ්‍ය බව පවසනවා.

කඳුළු සලමින් ඇය තවදුරටත් මෙසේ කියා සිටිනවා. “මෙය පවුලක් වශයෙන් අපට කොතරම් වේදනාවක් ගෙන දෙනවාදැයි ජනතාව දැන ගැනීමට මට අවශ්‍යයි… සියදිවි නසාගැනීමේ උත්සාහයන් නිසා මට ඔහු කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතුය.”

තම දරුවාට නිරන්තරයෙන් සමච්චල් කිරීමෙන් බේරීමට හැකිවන පරිදි ආබාධිත තත්ත්වයන් පිළිබඳව අනෙකුත් ළමයින් දැනුවත් කිරීමේ වඩා හොඳ කාර්යයක් පාසල් විසින් කරනු ඇතැයි ඇය බලාපොරොත්තු වන බව ඇය වීඩියෝවේ සඳහන් කරනවා.

අඟහරුවාදා වීඩියෝව පළ කිරීමෙන් පසු, එය මිලියන 11ක් නරඹා තිබෙනවා.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top